ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ වප් පුන් පොහෝ දිනය අද ට යෙදී තිබේ.
වස් සමාදන් වූ භික්ෂූන් වස් පවාරනය කොට කඨින චීවර පුජාව සිදුකිරීම ආරම්භ වන පොහෝ දිනය ලෙස වප් පොහොය සැලකෙයි.
දේවානම්පියතිස්ස රජු විසින් අරිට්ට කුමරු ඇතුළු දූත පිරිසක් ධර්මාශෝක රජු වෙත යවා ජය ශ්‍රී මහා බෝධී ශාඛාව ලංකාවට වැඩම කරවීම ද වප් පුන් පොහෝ දිනයක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.
ඒ වෙනුවෙන් දිවයිනේ සෑම විහාරස්ථානයකම විවිධ පිංකම් සංවිධාන කර තිබේ.
Lanka Newsweek © 2026